අයවැය පොරොන්දු:මැති සබයෙන් ඔබ්බට

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍ර‍මවේදය සහ සවිස්තරාත්මක විස්තර

යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍ර‍මවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න

භාගත

විවෘතභාවය ඇගයීම

රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙය ද?
  •  විවෘත
  •  සාධනීය
  •  උදාසීන
  •  සීමිත
  •  ආවෘත

ප්‍ර‍ගතිය මැනීම

රජය ක්‍රියාවට නංවන්නේ පවසන දෙය ද?
  •  හෙළිදරවු කර නොමැත
  •  කඩ කර ඇත
  •  දුර්වලයි
  •  අර්ධ සම්පූර්ණයි
  •  සැළකිය යුතුයි
  •  ඉටු කරන ලදි

යෝජනා ලැයිස්තුව

වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
ප්‍ර‍ගතිය මැනීම
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
250
අයවැය පොරොන්දු
රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වන ජාතික ආයතනයක් පිහිටුවීම (NAPPP) - රාජ්‍ය හා පෞද්ගලික් අංශයන්ගේ හවුල්කාරිත්වය සහිතව සිදු කළ හැකි ආයෝජන අවස්ථා හඳුනා ගැනීමට හා ආයෝජන දිරි ගැන්වීමට අවශ්‍ය පහසුකම් සැලසීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික හවුල්කාරිත්වය සඳහා වන ජාතික ආයතනයක් (National Agency for Public-Private Partnership) පිහිටුවීම. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා රු. මිලියන 250 ක් වෙන් කරන මෙන් යෝජනා කර ඇත.
වගකිවයුතු ආයතනය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
ඉටු කරන ලදි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
350
අයවැය පොරොන්දු
වගා හානි සඳහා මුදල් ගෙවීම - පසුගිය කාලය තුළ ගොවීන්ගේ අස්වැන්න අඩු වීම, පොහොර, කෘමිනාශක හා යෙදවුම්වල හිඟය, වගා කිරීම අත්හැරීම ආදිය හේතුවෙන් කුඹුරු හෙක්ටයාර් 2 ක් හෝ ඊට අඩුවෙන් වී වගා කිරීම සඳහා රාජ්‍ය බැංකු වෙතින් ලබා ගත් වගා ණය ගෙවීම අපහසු වී ගෙවීම් හිඟ හිට ඇති කුඩා පරිමාණ ගොවීන්ගේ සංඛ්‍යාව 2022 මැයි මස 31 දින වන විට 28,259 ක් ලෙස වාර්තා වී තිබේ. ගොවීන්ගේ ආර්ථික ශක්තිය වැඩි කිරීම හා ඔවුන් ණය බරින් මුදවා ගැනීම අරමුණු කොට ගෙන දැනට රාජ්‍ය බැංකු වෙත ගෙවීම් පැහැර හැර ඇති හිඟ ණය මුදල වන රු. මිලියන 688 ක මුදල (පොළිය හැර) කපා හැරීමට ක්‍රියාමාර්ග ගෙන ඇත. එසේ කපා හැරීමට නියමිත මුදල් මහා භාණ්ඩාගාරයේ මුදල් ප්‍රවාහයට පීඩනයක් නොවන ආකාරයට වසර දෙකක් තුළ අදියර වශයෙන් අදාළ බැංකු වෙත ලබා දෙනු ඇත. ඒ අනුව, එම ණය මුදල්වලට අදාළ පොළිය අදාළ බැංකු විසින් කපා හැරීමට කටයුතු කළ යුතු ය. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සඳහා රු. මිලියන 350 ක් වෙන් කරන මෙන් යෝජනා කර ඇත.
වගකිවයුතු ආයතනය
සංවර්ධන මූල්‍ය දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
250
අයවැය පොරොන්දු
යොවුන් කෘෂිකාර්මික සමාගම් පිහිටුවීම - කෘෂිකර්මාන්තය සහ ව්‍යවසායකත්වය ඒකාබද්ධ වන බව අප විසින් තහවුරු කළ යුතුය. අප ගැටලු තේරුම් ගෙන අපගේ කෘෂිකර්මාන්තය ප්‍රවර්ධනය කිරීමට නැවත සිතීමට වගබලා ගත යුතුව ඇත. තරුණ පරපුර නව තාක්‍ෂණ ක්‍රම භාවිතා කිරීමට උත්සුක වෙති. ඔවුන්ට නව්‍ය මෙවලම් භාවිත කළ හැකි අතර අගය දාමය හරහා කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමේ හැකියාව ඇත. මෙම සන්දර්භය තුළ, උපරිම ප්‍රතිඵල ලබා ගැනීම සඳහා යෞවන කෘෂි සමාගම් පිහිටුවීමට සහ එම සමාගම් සමාජ ප්‍රාදේශීය සම්මේලන 331 සමග සම්බන්ධ කිරීමට යෝජනා කර ඇත. මෙම යෝජනාව සඳහා රු. මිලියන 250 ක් වෙන් කෙරෙනු ඇත.
වගකිවයුතු ආයතනය
ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
අයවැය පොරොන්දු
දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම - දේශීය කිරි නිෂ්පාදනය නංවාලීම සඳහා ශක්තිමත් වැඩපිළිවෙලක් අවශ්‍ය වේ. ඒ නිසා, සියළු පාර්ශවකරුවන්ගේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා රජය හෝ සංවර්ධන පාර්ශ්වකරුවන්ගේ අරමුදල් යොදා ගනු ලබන ව්‍යාපෘතියක් මගින් ජාතික මට්ටමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීම අත්‍යවශ්‍ය වේ. කඳුකර දේශගුණය තුළ ඵලදායිතාවය ඉහළ බැවින්, උපයෝජනය නොකළ හෝ අඩු ඵලදායිතාවයෙන් යුතු වතු මෙම ව්‍යාපෘතිය සඳහා යොදා ගත හැක. මූලිකව මේ සඳහා රු. මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
400
අයවැය පොරොන්දු
ගොවියන්ට බීජ සහ රෝපණ ද්‍රව්‍ය සැපයීම - පසුගිය කාලය තුළ වගා කරන ලද බිම් ප්‍රමාණය හා අස්වැන්න අඩුවීම හේතුවෙන් බීජ හා රෝපණ ද්‍රව්‍යවල හිඟයක් පවතින බැවින් ගොවීන් වෙත අවශ්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය සැපයීමට හැකිවන පරිදි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා රජයේ ගොවිපළවල් විසින් කඩිනම් වැඩසටහනක් ක්‍රියාත්මක කළ යුතු ය. ඒ අනුව, අවශ්‍ය බීජ හා රෝපණ ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීම සඳහා කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වෙත රු. මිලියන 400 ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
50
අයවැය පොරොන්දු
රජයේ ඉඩම් ඵලදායිව භාවිතා කිරීම සඳහා රැකියා විරහිත තරුණ තරුණියන් යොදා ගැනීම - රාජ්‍ය අංශයේ ඇති ඉඩම් කාර්යක්ෂමව හා ඵලදායි ලෙස කෘෂිකාර්මික හා සත්ත්ව පාලන කටයුතුවල යෙදවීමේ අරමුණින් සහ අපනයන පාදක කොටගත් කෘෂිකර්මාන්තය දිරි ගැන්වීමේ මූලෝපාය යටතේ රජය සතුව දැනට පවතින ඉඩම් කාර්යක්ෂමව යෙදවීමට රැකියා විරහිත තරුණ පිරිස් ඒ සඳහා යොදවා ගැනීමට කටයුතු කෙරෙනු ඇත. ඒ අනුව, හඳුනාගනු ලබන ඉඩම් පිහිටි ප්‍රදේශයේ දැනට රැකියා විරහිත තරුණ කණ්ඩායම් (යටත් පිරිසෙයින් 10 දෙනෙකුගෙන් යුත් කණ්ඩායම්) වෙත අක්කර 20 කින් සමන්විත බිම් කොටස් වෙන් කර එම ඉඩම් කෘෂිකාර්මික හා සත්ත්ව පාලන ව්‍යවසායයන් සඳහා ලබා දෙනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීම සදහා රු. මිලියන 50 ක් වෙන්කිරීමට යෝජනා කර ඇත.
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
අයවැය පොරොන්දු
අළුතින් අරඹන ව්‍යාපාර කෙරෙහි අවධානය යොමු කරමින් පර්යේෂණ සහ සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ වාණිජකරණය කිරීම - සාර්ථකත්වය ළඟා කර ගැනීමට ශ්‍රී ලංකාව ගෝලීය තරඟකාරී ශ්‍රේණිගතකිරීම් තුළ ඉහළ නැංවීම සඳහා පර්යේෂණ සහ සංවර්ධන අංශය වැඩිදියුණු කිරීම වැදගත් වේ. එම නිසා, විශේෂයෙන් නව ව්‍යාපාර ඇරඹීමේ සංස්කෘතියක් සමඟ පර්යේෂණ හා සංවර්ධනය ප්‍රවර්ධනය කිරීම සහ වාණිජකරණය කිරීම සඳහා දේශීය විශ්ව විද්‍යාල සහ තාක්ෂණික ආයතනවල ද සහය ඇතිව යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීමට රු. මිලියන 100 ක් වෙන්කිරීමට යෝජනා කර ඇත.
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
250
අයවැය පොරොන්දු
දේශීය ඇසුරුම් නිෂ්පාදන ප්‍රවර්ධනය - රට තුළ නිෂ්පාදනය කරන කෘෂිකාර්මික බෝගවල අලෙවිය සහ කල් පැවැත්ම වැඩි දියුණු කිරීම මගින් කෘෂිකාර්මික නිෂ්පාදනවල අපතේ යාම අඩු කිරීම අවශ්‍ය වේ. එබැවින් කෘෂිකාර්මික නිෂ්පාදන කල් තබා ගැනීම සහ අලෙවි කර ගැනීම සඳහා දේශීය අමුද්‍රව්‍ය යොදාගෙන සිදු කරන ආහාර ඇසුරුම් කිරීමේ කර්මාන්ත ප්‍රවර්ධනය කිරීම සිදු කළ යුතු ය. ආහාර ඇසුරුම් සකස් කිරීම සඳහා උසස් නව තාක්ෂණය සහිත උපකරණ/උපාංග ආනයනය කිරීමේ දී 50% ක තීරු බදු සහනයක් ලබා දෙනු ඇත. මෙයට අමතරව, තල් සංවර්ධන මණ්ඩලය, ජාතික මෝස්තර මධ්‍යස්ථානය සහ අපනයන සංවර්ධන මණ්ඩලය එක්ව නව ඇසුරුම් හඳුන්වා දීම හා ආකර්ෂණීය ඇසුරුම් මගින් වෙළෙඳපොළ ප්‍රවර්ධනයට දායකත්වය ලබා දීම සිදු කළ යුතු ය. මේ සඳහා අතිරේකව රු. මිලියන 250 ක් වෙන් කර ඇත.
වගකිවයුතු ආයතනය
අපනයන සංවර්ධන මණ්ඩලය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
300
අයවැය පොරොන්දු
සංචාරක ප්‍රවර්ධනය ආශ්‍රිත කටයුතු ක්‍රියාත්මක කිරීම - මේ වසරේ සැප්තැම්බර් මාසයේ සිට සංචාරකයින් වැඩි වශයෙන් ආකර්ෂණය කර ගැනීම සඳහා සංචාරක අමාත්‍යාංශය විසින් සංචාරක මණ්ඩලයේ සහ සංචාරක කර්මාන්තයට සම්බන්ධ අනෙකුත් ආයතනවල සහය ඇතිව විශේෂ වැඩසටහන් සංවිධානය කළ යුතු ය. මෙහිදී ඉදිරියේදී ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත විවිධ ජාතීන්ට අනන්‍ය වූ සංස්කෘතික/ආගමික උත්සව ඉලක්ක කර ගැනීම අවශ්‍ය වේ. මෙම කර්මාන්තයේ ඇති වැදගත්කම සැලකිල්ලට ගෙන 2023 වර්ෂය අවසන් වන විට වසරකට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව ලක්ෂ 25 දක්වා වැඩි කර ගැනීම ඉලක්කය ලෙස ගෙන ක්‍රියා කළ යුතු ය. මීට අමතරව, ඉහළ වියදම් දැරීමේ හැකියාවක් ඇති සංචාරකයින් ආකර්ෂණය කර ගැනීම සඳහා විශේෂ අවධානයක් යොමු කළ යුතු ය. එමෙන්ම සංචාරක ආකර්ෂණයන් සහිත නව ස්ථාන හඳුනාගැනීම සහ ඒ ආශ්‍රිත පහසුකම් වැඩිදියුණු කිරීම පිළිබඳව අවධානය යොමුකර වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා විවිධ ක්ෂේත්‍ර නියෝජනය කරමින් පුද්ගලයින් පස් දෙනෙකුගෙන් සැදුම්ලත් කමිටුවක් පත් කළ යුතු අතර ඉදිරි ක්‍රියාමාර්ග සඳහා ඔවුන්ගේ නිර්දේශ ඇතුළත් වාර්තාවක් මාසයක් ඉකුත් වන තැන ඉදිරිපත් කළ යුතු ය. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 300 ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.
වගකිවයුතු ආයතනය
සංචාරක හා ඉඩම් අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
අයවැය පොරොන්දු
පෙර පුහුණුවක් නොමැති සේවා නියුක්තිකයින් හට තෝරාගත් වෘත්තීය පුහුණු ආයතනවලින් පුහුණුව සහ සුදුසුකම් ලබා දීම - ශ්‍රී ලංකාවේ ශ්‍රම වෙළඳපොළ තුළ කිසිදු පෙර පුහුණුවක් නොමැතිව රැකියාවේ යෙදී රැකියාව තුළින් නිපුණතා ලබාගෙන රැකියාවල නිරත වන විශාල පිරිසක් සිටී. මෙම පිරිසට අදාළ න්‍යායික දැනුම ඇතුළු වැඩිදුර පුහුණුවක් සහ සුදුසුකම් ලබා දීමේ අවශ්‍යතාවක් පවතී. මේ හරහා රැකියාවල ඵලදායිතාව වර්ධනය වන අතර, දක්ෂ කාර්ය මණ්ඩලයක් බිහි කරගැනීම තුළින් ගෝලීය වශයෙන් තරඟකාරී මට්ටමකට එළැඹීමට ව්‍යාපාරවලට හැකි වේ. එමෙන්ම රැකියා අපේක්ෂකයින්ට වඩාත් ඵලදායි රැකියා අවස්ථා මෙන්ම විදේශ රැකියා අවස්ථා ද සොයා ගැනීමට හැකි වනු ඇත. කොවිඩ් -19 වසංගතයේ අයහපත් බලපෑම සහ ආර්ථික අවපාතයේ ප්‍රතිඵලයක් ලෙස, රැකියා අහිමි වන පුද්ගලයින් සිටින බැවින් නව රැකියා අවස්ථා සඳහා ඔවුන් පුහුණු කිරීමේ අවශ්‍යතාවක් පවතී. ග්‍රාමීය ප්‍රදේශවලින් නිදහස් වෙළඳ කලාපයේ කර්මාන්තශාලාවල සේවයට පැමිණෙන සහය සේවා සපයන කාර්ය මණ්ඩලය වසර පහක පමණ කාලයක් සේවය කිරීමෙන් පසු නැවත ගම්බිම් බලා යාමට පෙළඹේ. මෙහිදී බොහෝ විට කාන්තාවන්ට රැකියා අවස්ථා අහිමි වන අතර පිරිමි අවිධිමත් රැකියාවල නිරත වෙති. ඒ අනුව නිදහස් වෙළෙඳ කලාපවල නියැළී සිටි රැකියා තුළින් ලබා ගන්නා කුසලතා මත නව රැකියාවක් ලබා ගැනීමට හැකි වන පරිදි වැඩිදුර පුහුණුව ලබා දීම අවශ්‍ය වේ. ඒ අනුව තෝරාගත් වෘත්තීය පුහුණු ආයතන (යෞවන සේනාංක, වෘත්තීය පුහුණු අධිකාරිය, ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීම් අධිකාරිය) සහ වෘත්තීය පුහුණු අංශයේ නියාමන ආයතනය වන තෘතීයික හා වෘත්තීය අධ්‍යාපන කොමිෂන් සභාව මගින් ඔවුන් පුහුණු කර ජාතික වෘත්තීය සුදුසුකම් (NVQ) සහතික ලබාදීමට මෙම ක්‍රමය යටතේ හැකියාව ලැබේ. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.
වගකිවයුතු ආයතනය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නව නිපැයුම් පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
අයවැය පොරොන්දු
සැපයුම් දාමය වඩාත් කාර්යක්ෂම කිරීමට එළවලු සහ පළතුරු ප්‍රවාහනය සඳහා දුම්රිය පහසුකම් භාවිතා කිරීම - උඩරට ප්‍රදේශවල සිට කොළඹ සහ නාගරික ප්‍රදේශවලට නැවුම් බව රැක ගනිමින් එළවලු, පළතුරු, මල් සහ තේ නිෂ්පාදන ප්‍රවාහනය කිරීම ගොවියාට, නිෂ්පාදකයාට, වෙළෙඳ ප්‍රජාවට මෙන්ම පාරිභෝගිකයාටද වැදගත් වේ. එබැවින් දුම්රිය මාර්ගයෙන් මෙම භාණ්ඩ ප්‍රවාහනය කිරීම දිරිමත් කිරීම අවශ්‍යව ඇත. මේ හරහා නාස්තිය, ප්‍රමාදය සහ වියදම් අවම කර ගත හැකි අතර අමතර ආදායමක් ශ්‍රී ලංකා දුම්රිය සේවයට ලැබෙනු ඇත. මීට ආරම්භයක් ලෙස හාලිඇල දුම්රිය ස්ථානයේ සිට කොළඹ කොටුව දුම්රිය ස්ථානය දක්වා එළවලු, පළතුරු ඇතුළු නිෂ්පාදන ප්‍රවාහනය කිරීමට අදාළ පහසුකම් සහිත දුම්රියක් යෙදවිය යුතුය. මේ සඳහා අදාළ දුම්රිය ස්ථානවල භාණ්ඩ පැටවීමේ පහසුකම් වැඩිදියුණු කළ යුතු අතර සමුපකාර හා පෞද්ගලික ව්‍යවසායකයන්ගේ සහභාගිත්වයෙන් භාණ්ඩ එකතු කිරීමේ මධ්‍යස්ථාන පිහිටුවා එම මධ්‍යස්ථානවල සිට අදාළ දුම්රිය ස්ථාන වෙත ප්‍රවාහන පහසුකම් සැලසීමේ ක්‍රමවේදයක් ක්‍රියාත්මක කළ යුතුය. කොළඹ සිට බදුල්ල දක්වා භාණ්ඩ ප්‍රවාහනය කිරීමට තොග වෙළෙන්දන් දිරිමත් කිරීමට සුදුසු වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය සේවය කටයුතු කළ යුතු ය. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.
වගකිවයුතු ආයතනය
දුම්රිය දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
20,728
අයවැය පොරොන්දු
මාසික සමෘද්ධි දීමනාව - දැනට ලැබෙන සහනය - රු. 420/- සිට රු. 4,500/- දක්වා මාසික දීමනාව මීළඟ මාස 04 සඳහා යෝජිත මාසික දීමනා - රු. 3,000/- ක අවම මාසික ගෙවීමක සිට රු. 3,100/- ක උපරිමයක් දක්වා.
වගකිවයුතු ආයතනය
සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,980
අයවැය පොරොන්දු
වැඩිහිටියන් සඳහා දීමනාව - දැනට ලැබෙන සහනය - අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන්ට රු. 2,000/- ක මාසික දීමනාවක් සහ වයස අවුරුදු 100 ට වැඩි අයට රු. 5,000/- ක මාසික දීමනාවක්. මීළඟ මාස 04 සඳහා යෝජිත දීමනාව - අවුරුදු 70 ට වැඩි වැඩිහිටියන්ට රු. 3,000/- ක මාසික දීමනාවක් සහ වයස අවුරුදු 100 ට වැඩි වැඩිහිටයන් සඳහා රු. 2,500/- ක මාසික දීමනාවක්.
වගකිවයුතු ආයතනය
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
236
අයවැය පොරොන්දු
අඩු ආදායම්ලාභී අබාධිත පුද්ගලයින් සඳහා සහය - දැනට ලැබෙන දීමනාව - රු. 5,000/- බැගින්. මීළඟ මාස 04 සඳහා යෝජිත දීමනාව - රු. 2,500/- මාසික ගෙවීමක්.
වගකිවයුතු ආයතනය
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
212
අයවැය පොරොන්දු
වකුගඩු රෝගීන් සඳහා දීමනාව - දැනට ලැබෙන සහනය - රු. 5,000/- මීළඟ මාස 04 සඳහා යෝජිත දීමනාව - රු. 2,500/- මාසික ගෙවීමක්.
වගකිවයුතු ආයතනය
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
17,354
අයවැය පොරොන්දු
ආර්ථික දුෂ්කරතා මත පීඩාවට පත් ජනතාව සඳහා සහන (දැනට සමෘද්ධි, වැඩිහිටි, ආබාධිත හෝ වකුගඩු දීමනා නොලබන නමුත් පොරොත්තු ලේඛනවල සිටින අය සඳහා දීමනාව) - දැන‌ට ලැබෙන සහනය - මැයි, ජූනි සහ ජූලි මාස සඳහා රු. 5,000/ බැගින් ලබා දෙන ලදි. මීළඟ මාස 04 සඳහා යෝජිත දීමනාව - තවත් මාස් 4 ක කාලයක් සඳහා රු. 5,000/- ක ගෙවීමක්.
වගකිවයුතු ආයතනය
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,650
අයවැය පොරොන්දු
ගර්භණී මව්වරුන් සඳහා පෝෂණීය ආහාර පැකේජය - දැනට ලැබෙන සහනය - රු. 20,00 ක දීමනාවක් ගෙවනු ලැබේ. මීළඟ මාස 04 සඳහා යෝජිත දීමනාව - රු. 2,500/- මාසික ගෙවීමක්.
වගකිවයුතු ආයතනය
කාන්තා, ළමා කටයුතු සහ සමාජ සවිබල ගැන්වීමේ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත‍
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,440
අයවැය පොරොන්දු
කඩිනමින් සහන සැලසීම සඳහා හඳුනාගත් පවුල් - මීළඟ මාස 04 සඳහා යෝජිත දීමනාව - රු.10,000 ක මාසික ගෙවීමක්.
වගකිවයුතු ආයතනය
ජනාධිපති ලේකම් කාර්යාලය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ සම්පූර්ණයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
අයවැය පොරොන්දු
රජය සතු ව්‍යවසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය - රජය සතු ව්‍යාපාර ප්‍රතිව්‍යුහගත කිරීමට පහසුකම් සැලසීම සඳහා “රජය සතු ව්‍යසායයන් ප්‍රතිව්‍යුහගත කිරීමේ ඒකකය” පිහිටුවීමට යෝජිතය. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 200 ක් වෙන් කිරීමට යෝජනා කර ඇත.
වගකිවයුතු ආයතනය
මුදල් අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
සැළකිය යුතුයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,000
අයවැය පොරොන්දු
දේශීය කෘෂිකාර්මික සංවර්ධන (DAD) අගය දාම වැඩසටහන ශක්තිමත් කිරීම - කෘෂිකාර්මික අගය දාමයන් ද සංවර්ධනය කිරීම වැදගත් ය. මෙම අරමුණ සඳහා දේශීය කෘෂිකර්ම සංවර්ධන (DAD) අගය දාම වැඩසටහන ශක්තිමත් කළ යුතු බවට යෝජනා කර ඇත. ශ්‍රී ලංකා මහ බැංකුව ස්වකීය අරමුදල් (රු. බිලියන 1 ක්) යොදාගනිමින් දේශීය කෘෂිකාර්මික සංවර්ධන නියමු අදියර දැනටමත් ක්‍රියාත්මක කරන අතර, විදේශීය වෙළඳපොළ සඳහා වන නිෂ්පාදන දිරිගන්වමින් සංවර්ධන හවුල්කරුවන්ගේ සහයෙන් මෙම වැඩසටහන තවදුරටත් පුළුල් කිරීම ද අපේක්ෂා කෙරේ.
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
N/A
අයවැය පොරොන්දු
දේශගුණික අරමුදල සමඟ එක්ව දේශගුණික බලපෑම් අවම කිරීමේ වැඩසටහන - ශ්‍රී ලංකාවේ කාලගුණය සහ දේශගුණය ආශ්‍රිත බලපෑම් හේතුවෙන් අනතුරු, ආපදා සහ දේපළ හානි වැඩි වීමේ ප්‍රවණතාවක් පවතින බැවින් දේශගුණික බලපෑම් අවම කිරීමට සුදුසු පියවර කඩිනමින් ගත යුතු ය. ඒ සඳහා පරිසර විෂය භාර අමාත්‍යාංශය සුදුසු වැඩපිළිවෙළක් සකස් කර දේශගුණික අරමුදලෙන් අවශ්‍ය සහය ලබාගත යුතු අතර ඒ අනුව එම බලපෑම් අවම කිරීමේ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතු ය.
වගකිවයුතු ආයතනය
පරිසර අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
දුර්වලයි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
N/A
අයවැය පොරොන්දු
විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව සහ ගණිතය (STEM) විෂයයන් කෙරෙහි අවධානය යොමු කරමින් ශාඛා විශ්ව විද්‍යාල පිහිටුවීම - ලෝකයේ බොහෝ රටවල් තම විදේශ සංචිත ගොඩනැඟීම සඳහා විදේශ සිසුන්ට අධ්‍යාපන අවස්ථා විවෘත කර ඇත. දකුණු ආසියානු කලාපයේ, බංග්ලාදේශය, ඉන්දියාව සහ නේපාලය දැනටමත් ඔවුන්ගේ විදේශ සංචිත ගොඩනැඟීම සඳහා විදේශීය සිසුන්ට තම රටවල් විවෘත කර ඇත. ඒ අනුව ශ්‍රී ලංකාව ද විදේශීය සිසුන්ට අධ්‍යාපන අවස්ථා ලබාදීම සඳහා පෞද්ගලික ආයෝජන දිරිමත් කළ යුතුව ඇත. එබැවින්, විශේෂයෙන් විද්‍යාව, තාක්‍ෂණය, ඉංජිනේරු සහ ගණිතය (STEM) විෂයයන් මෙන්ම මූල්‍ය, තොරතුරු තාක්‍ෂණය සහ වෛද්‍ය විද්‍යාව කෙරෙහි අවධානය යොමු කරමින් ශ්‍රී ලංකාව තුළ ශාඛා විශ්ව විද්‍යාල පිහිටුවීමට පහසුකම් සලසන මෙන් යෝජනා කර ඇත. මේ සඳහා, සමාගම් පනතේ සහ විශ්ව විද්‍යාල පනතේ දක්වා ඇති විධිවිධාන අනුව සහ අවශ්‍ය අවස්ථාවලදී ඒවා සංශෝධනය කිරීමට යටත්ව අදාළ අනෙකුත් නීතිමය ප්‍රතිපාදන අනුව එවැනි ශාඛා විශ්ව විද්‍යාල පිහිටුවීම සඳහා රජය ආයෝජන මණ්ඩලය (BOI) හරහා සියලු පහසුකම් සපයනු ඇත. උසස් අධ්‍යාපනයට අදාළව පෞද්ගලික ආයෝජන සඳහා ඉඩ ලබා දීම මගින් රාජ්‍ය සම්පත් ඒ වෙත යොමු කිරීමට ඇති අවශ්‍යතාව අඩු වන අතර එමගින් නිදහස් අධ්‍යාපනය සුරැකී වත්මන් මට්ටම අභිබවමින් එව පුළුල් වන බව තහවුරු කිරීමට රජයට හැකි වනු ඇත. මෙම විශ්ව විද්‍යාලවල ඉගෙනීම සඳහා ශ්‍රී ලාංකික සිසුන්ට ශිෂ්‍යත්ව ද ලබා දෙනු ඇත. කොතළාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (KDU) ශාඛාවක් කුරුණෑගල විවෘත කරන ලෙස ද යෝජනා කර ඇත.
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය/ ආරක්ෂක අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
අයවැය පොරොන්දු
රජයේ වෘත්තීය පුහුණු මධ්‍යස්ථානවල ප්‍රජා ඒකක පිහිටුවීම - නාගරික සහ ග්‍රාමීය ප්‍රදේශවල ජීවත් වන ප්‍රජාවන්ගේ බොහෝ දෙනෙක් ක්ෂුද්‍ර පරිමාණ ස්වයංරැකියා / ජීවනෝපාය රැකියාවල නිරත වෙති. මෙම ප්‍රජාවට ජීවන වෘත්තීන් සඳහා තාක්‍ෂණය සහ නවෝත්පාදන පිළිබඳ අර්ධකාලීන හෝ කෙටිකාලීන විධිමත් පුහුණුවක් ලබා දීමෙන්, එම රැකියාවල ඵලදායිතාව, ආරක්‍ෂාව සහ සෞඛ්‍යය වැඩි වන අතර නිෂ්පාදනවල ගුණාත්මකභාවය ද ඉහළ යනු ඇත. මේ සඳහා රජය යටතේ ක්‍රියාත්මක වන සෑම වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයකම ප්‍රජාව සවිබල ගැන්වීම සඳහා ප්‍රජා ඒකකයක් ස්ථාපිත කිරීමට යෝජිත අතර පුහුණු මධ්‍යස්ථානයේ නොමැති තාක්ෂණික සේවාවන් බාහිරින් ලබාගෙන එම ප්‍රජාවට පුහුණු පහසුකම් ලබාදීමට ද යෝජනා කර ඇත. ඒ අනුව පුහුණු මධ්‍යස්ථානය ආශ්‍රිත ජීවනෝපාය ලෙස ආහාර පාන සැකසීම, මාළු වියළීම සහ එළවලු විජලනය, මැහුම් ගෙතුම්, බීරළු විවීම, පිත්තල කර්මාන්තය, කම්මල් වැඩ, ගිග් ආර්ථිකය පදනම් කරගත් මාර්ගගත ස්වයංරැකියා සහ වෙනත් ජීවන වෘත්තීන් සම්බන්ධයෙන් විධිමත් පුහුණුවක් ලබාදීමට කටයුතු සිදු කෙරෙමින් පවතී. පුහුණුව අවසානයේදී සහතිකයක් ද ලබා දෙනු ඇත. විධිමත් පුහුණුවෙන් පසු දැනට නියැලී සිටින වෘත්තිය ඵලදායි ලෙස හා කාර්යක්‍ෂමව කළ හැකි බැවින් ආහාර සහ අනෙකුත් නිෂ්පාදන ගුණාත්මකව ලබා දිය හැකි වනු ඇත. එමගින් ඔවුන්ගේ රැකියා සුරක්ෂිතතාව තහවුරු කළ හැකි වන අතර ඔවුන්ගේ ව්‍යාපාර වැඩි දියුණු කිරීමට ද හැකියාව ලැබේ. මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට රු. මිලියන 200 ක් වෙන් කර ඇත.
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරව් කර නොමැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
N/A
අයවැය පොරොන්දු
දුම්රිය සේවයේ ගුණාත්මකභාවය සහ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීම සඳහා පුද්ගලික ආයෝජනය - කාර්යක්ෂම සහ උසස් තත්ත්වයේ ප්‍රවාහන සේවාවක් ජනතාවට ලබාදීම රජයේ ප්‍රමුඛ කාර්යයක් වන බැවින් දැනට පවතින යටිතල පහසුකම් මෙම වැඩසටහන යටතේ යොදා ගනිමින් දුම්රිය ප්‍රවාහන සේවයේ දියුණුව සඳහා පෞද්ගලික අංශයේ ආයෝජන යොදා ගැනීමට අපේක්ෂා කෙරේ. ඒ අනුව, නියමු ව්‍යාපෘතිය ලෙස කැළණිවැලි දුම්රිය සේවය සංවර්ධනය කිරීම අපේක්ෂා කෙරේ. මෙහිදී ‍ආයෝජකයා(යින්) තේරීම තරඟකාරී ලංසු ක්‍රියාවලියක් මත පදනම්ව සිදු කෙරෙනු ඇත.
වගකිවයුතු ආයතනය
දුම්රිය දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිදරවු කර නොමැත