අයවැය පොරොන්දු:මැති සබයෙන් ඔබ්බට
අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍රමවේදය සහ සවිස්තරාත්මක විස්තර
යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍රමවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න
බාගත කරන්න
අර්ධ වාර්ෂික ඇගයීම
යෝජනා ලැයිස්තුව
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි) |
අයවැය පොරොන්දු |
වගකිවයුතු ආයතනය |
විවෘතභාවය ඇගයීම |
ප්‍රගතිය මැනීම |
---|---|---|---|---|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
43,000
|
අයවැය පොරොන්දු
සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති පුද්ගලයින්ගේ හා වකුගඩු රෝගීන්ගේ දීමනාවල ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබා දීම - සමෘද්ධි, වැඩිහිටි, විවිධ හැකියා ඇති පුද්ගලයින්ගේ, වකුගඩු රෝගීන්ගේ සහ ආර්ථික වශයෙන් බලපෑමට ලක් වූ පවුල් වල ප්‍රතිලාභීන්ට ගෙවනු ලබන වැඩි කරන ලද දීමනා අඛණ්ඩව ලබා දීම සඳහා රුපියල් බිලියන 43 ක් වෙන් කිරීමට යෝජනා වී ඇත
|
වගකිවයුතු ආයතනය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
|
අයවැය පොරොන්දු
ගංවතුර නිසා හානියට පත් වූ මාර්ග සහ පාළම් ප්‍රතිසංස්කරණය හා ඉදිකිරීම - ගංවතුර නිසා හානියට පත් වූ මාර්ග සහ පාළම් ප්‍රතිසංස්කරණය හා ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 2000ක් වෙන් කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, කැළණි ගඟ හරහා ඇති ගරාගොඩ පාළම අලුත්වැඩියා කිරීමට, බදුල්ල රජ මාවතෙහි ඉතිරි වැඩ නිම කිරීමට සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්‍යාලයේ නිම නොවූ වැඩ කටයුතු අවසන් කිරීමට පියවර ගැනෙනු ඇත.
|
වගකිවයුතු ආයතනය
මාර්ග සංවර්ධන අධිකාරිය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
500
|
අයවැය පොරොන්දු
ළමා පෝෂණය වැඩි කිරීම - ළමා පෝෂණය වැඩි කිර්‍රීම සඳහා පවත්නා පෝෂණ අතිරේක වැඩසටහන් තවදුරටත් ශක්තිමත් කිරීම වෙනුවෙන් රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
සෞඛ්‍ය අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
500
|
අයවැය පොරොන්දු
ගංවතුර ආරක්ෂණ පද්ධති වැඩි දියුණු කිරිම - ගංවතුර ආරක්ෂණ පද්ධති වැඩි දියුණු කිරිමට, මා ඔය, අත්තනගලු ඔය සහ බෙන්තර ගඟ පාදක වූ වාරිමාර්ග ව්‍යාපෘති සඳහා රුපියල් මිලියන 500ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
වාරිමාර්ග අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
සතුටුදායක ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
300
|
අයවැය පොරොන්දු
විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා නව ආර්ථික කලාප - විදේශ ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා බස්නාහිර පළාත, වයඹ පළාත, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය ආශ්‍රිතව නව ආර්ථික කලාපයන් ඇති කිරීමට රුපියල් මිලියන 300ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
250
|
අයවැය පොරොන්දු
කුටුම්භ ව්‍යවසායකයන් ලෙස වැඩිහිටියන්/ ආබාධිත පුද්ගලයන්/ වැන්දඹුවන් ශක්තිමත් කිරීම - වැඩිහිටියන්/ ආබාධිත පුද්ගලයන්/ වැන්දඹුවන් සතු හැකියාවන් සහ ශ්‍රමය යොදාගනිමින් ඔවුන්ගේ දායකත්වය ජාතික ආර්ථික සංවර්ධනය කිරීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට යෝජනා වී ඇත. ඒ අනුව, කාන්තා කටයුතු අමාත්‍යංශය හා කර්මාන්ත අමාත්‍යංශය විසින් ඒ ඒ අමාත්‍යංශයේ සහයෝගය ඇතිව වැඩසටහනක් පිළියෙල කිරීමට ද යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
250
|
අයවැය පොරොන්දු
කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 10ක් ස්ථාපිත කිරීම - කෘෂිකර්මාන්තයේ නියැලී සිටින ගොවීන්, කෘෂි ව්‍යවසායකයන් බවට පත් කිරීමට ද, එමඟින් රැකියා අවස්ථා උත්පාදනය කිරීමට ද නවීන තාක්ෂණය යොදා ගනිමින්, අපනයනාභිමුඛ නිෂ්පාදන දිරිගැන්වීම සඳහා කෘෂි ව්‍යවසායකත්ව ගම්මාන 10ක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
වාරිමාර්ග අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
සතුටුදායක ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
250
|
අයවැය පොරොන්දු
තරුණ කාන්තා ව්‍යවසායකයන් දිරි ගැන්වීම සඳහා ණය යෝජනා ක්‍රමය - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරවල ණය යෝජනා ක්‍රම ව්‍යාපෘතිය මඟින් ආවරණය නොවන අවිධිමත් කුටුම්භ ව්‍යාපාරවල නියැලෙන තරුණ කාන්තා ව්‍යවසායකයන් දිරිගැන්වීමේ වැදගත්කම හඳුනාගනිමින්, නව ණය යෝජනා ක්‍රමයක් හඳුන්වා දීම සඳහා රුපියල් මිලියන 250ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
කාන්තා, ළමා කටයුතු හා සමාජ සවිබලගැන්වීම් අමාත්‍යාංශය
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
|
අයවැය පොරොන්දු
ආයෝජන හිතකර පරිසරය - යහපත් ව්‍යාපාර පරිසරයක් නිර්මාණය කිරීමට හැකිවන පරිදි, පිරිවැය, ක්‍රියාපටිපාටි හා කාලය අවම කිරීමට සහ විනිවිදභාවය ඉහළ නැංවීමට ක්‍රියාමාර්ග ගැනීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුන්වා දීම සඳහා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය වෙත රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
|
අයවැය පොරොන්දු
කුරුඳු කර්මාන්තය සඳහා නව දෙපාර්තමේන්තුවක් - කුරුඳු කර්මාන්තය සංවර්ධන කිරීම සඳහා වූ වෙනමම දෙපාර්තමේන්තුවක් කරන්දෙණිය ප්‍රදේශයේ පිහිටුවීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
වැවිලි කර්මාන්ත අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
|
අයවැය පොරොන්දු
ග්‍රාමීය පාසල්වල පහසුකම් වැඩි දියුණු කිරීම - පළාත් පාසල් 139 ක, ජාතික පාසල් 23 ක, සහ අවම පහසුකම් සහිත ග්‍රාමීය පාසල්වල සනීපාරක්ෂක පහසුකම් ඉදිකිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
|
අයවැය පොරොන්දු
නව වෛද්‍ය පීඨයක් - වෛද්‍ය පීඨවලට ඇතුළත් වන සිසුන් සංඛ්‍යාව වැඩි කිරීම සඳහා ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලය යටතේ නව වෛද්‍ය පීඨයක් ආරම්භ කිරීමට රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
200
|
අයවැය පොරොන්දු
විද්‍යුත් ක්‍රමවේදය මඟින් ගෙවීම් කිරීම ප්‍රවර්ධනය - අදාළ ප්‍රතිලාභීන් වෙත මුදල් ප්‍රදානයන් ලබා දීම මෙන්ම මහජනතාව විවිධ රාජ්‍ය ආයතන මඟින් සේවා ලබා ගැනීමේදී කරන ගෙවීම් සඳහා ද විද්‍යුත් ක්‍රමවේදයක් හඳුන්වා දීම සඳහා රුපියල් මිලියන 200ක් වෙන් කිරීමට යෝජනා වී ඇත
|
වගකිවයුතු ආයතනය
තාක්ෂණ අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
150
|
අයවැය පොරොන්දු
පසු අස්වනු වගා හානි අඩු කිරීම හා ගබඩා පහසුකම් වැඩි දියුණු කිරීම - පසු අස්වනු වගා හානි අඩු කිරීම සඳහා අවශ්‍ය දැනුම, තාක්ෂණය හා විවිධ යටිතල පහසුකම් දියුණු කිරීම සඳහා රුපියල් මිලියන 150ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
120
|
අයවැය පොරොන්දු
කෘෂිකර්මාන්තය තුළ තරුණයන් රඳවා ගැනීම - දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින්, දැනට රැකියා විරහිත තරුණ තරුණියන් 240 දෙනෙකු තෝරාගෙන, ඔවුන් කෘෂි ව්‍යවසායකයන් ලෙස බල ගැන්වීම සඳහා රුපියල් මිලියන 120ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
කෘෂිකර්ම අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
|
අයවැය පොරොන්දු
විදේශ වෙළඳාම හා ආයෝජනය සම්බන්ධ නියෝජිතායතනය - ආයෝජන හා විදේශ වෙළඳාම ප්‍රවර්ධනය කිරීම සඳහා හිතකර පරිසරයක් නිර්මාණය කිරීමට තනි ආයතනයක් පිහිටුවීම සඳහා රුපියක් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත. නව නීති සම්පාදනය කිරීම සමඟ, එම ආයතනය පිහිටවනු ලබන්නේ ආයෝජන මණ්ඩලය, අපනයන සංවර්ධන මණ්ඩලය, ශ්‍රී ලංකා අපනයන ණය රක්ෂණ සංස්ථාව, ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය ආදී ආයතන සියල්ල වෙනුවට ය.
|
වගකිවයුතු ආයතනය
ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
|
අයවැය පොරොන්දු
ජාතික ඵලදායිතා කොමිෂන් සභාව - ආර්ථිකයේ සියලුම අංශ වල ඵලදායීතාවය වැඩිකිරීම වෙනුවෙන් ස්වාධීන ආයතනයක් ලෙස ජාතික ඵලදායීතා කොමිෂන් සභාවක් පිහිටුවීම සඳහා රුපියක් මිලියක් 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
කර්මාන්ත අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
|
අයවැය පොරොන්දු
විශ්වවිද්‍යාලවල උපාධි සඳහා තත්ත්ව සහතික හා ප්‍රතීතන මණ්ඩලයක් - විශ්වවිද්‍යාලවල පවත්වන උපාධි පාඨමාලාවල ගුණාත්මකභාවය සහ ප්‍රතීතනය පිළිබඳව තහවුරු කිරීමට තත්ත්ව සහතික හා ප්‍රතීතන මණ්ඩලයක් පිහිටුවීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
|
අයවැය පොරොන්දු
මිරිදිය ධීවර කර්මාන්තය දියුණු කිරීම - දැනට ඇති මත්ස්‍ය අභිජනන මධ්‍යස්ථානවල ධාරිතාවය ඉහළ නැංවීම තුළින් මත්ස්‍ය නිෂ්පාදන ලබාගැනීමට ඇති අවස්ථාව පුළුල් කර මහජනතාවගේ පෝෂණ මට්ටම ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
ධීවර අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
විවෘත
|
ප්‍රගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
|
අයවැය පොරොන්දු
දියර කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම - දේශීය කිරි නිෂ්පාදනය ඉහළ නැංවීම සඳහා, කුණ්ඩසාලේ කෘත්‍රිම සිංචන මධ්‍යස්ථානය වැඩි දියුණු කිරීමට ද, නව තාක්ෂණය යොදා ගැනීමට ද රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව
|
විවෘතභාවය ඇගයීම
උදාසීන
|
ප්‍රගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
|
අයවැය පොරොන්දු
දේශගුණික වෙනස්වීම් පිළිබඳව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් - දේශගුණික විපර්‍යාස අවම කිරීමේ ක්ෂේත්‍රවල දැනුම වැඩි දියුණු කිරීම, අත්දැකීම් හුවමාරු කර ගැනීම, අධ්‍යාපනය, පුහුණුව, හැකියාවන් ගොඩනැගීම, වැඩසටහන් සංවර්ධනය කිරීම සඳහා දේශගුණික විපර්‍යාස පිළිබඳව ජාත්‍යන්තර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
|
අයවැය පොරොන්දු
සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ නව රසායනාගාරයක් - මධ්‍යාසාර නිෂ්පාදනවලට අදාළව පරීක්ෂණ කටයුතු කිරීම තුළින් මධ්‍යසාර නිෂ්පාදනවල ගුණාත්මකභාවය පරීක්ෂා කිරීම සහ ප්‍රමිතීන් සකස් කිරීම සඳහා රසායනාගාරයක් සුරාබදු දෙපාර්තමේන්තුව යටතේ ස්ථාපිත කිරීමට රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
සුරාබදු දෙපාර්තමේන්තුව
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
|
අයවැය පොරොන්දු
මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාපනය කිරීම - ආදායම් බලපත්‍ර ලබා ගැනීමේදී වාහනයකට රුපියල් 100කට නොඅඩු වාර්ෂික ගාස්තුවක් අය කිරීම මඟින් වාර්ෂිකව සියලු වර්ගවල මාර්ග නඩත්තු කටයුතු සඳහා ප්‍රතිපාදන ලබා ගැනෙන මාර්ග නඩත්තු අරමුදලක් ස්ථාප්නය කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
සීමිත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
100
|
අයවැය පොරොන්දු
රැඳවියන් සඳහා සනීපාරක්ෂක පහසුකම් - දැනට බන්ධනාගාර දෙපාර්තමේන්තුව යටතේ පවතින බන්ධනාගාරයන්හි අනුමත ධාරිතාවයට වඩා දැනට සිටින සමස්ථ රැඳවියන් ප්‍රමාණය අධික බැවින් දැනට පවතින සනීපාරක්ෂක පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා රුපියල් මිලියන 100ක් වෙන් කිරීමට යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
බන්ධනාගාර දෙපාර්තමේන්තුව
|
විවෘතභාවය ඇගයීම
සාධනීය
|
ප්‍රගතිය මැනීම
මන්දගාමී ප්‍රගතියක් ඇත
|
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
60
|
අයවැය පොරොන්දු
වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන අවස්ථා - පේරාදෙණිය, රුහුණ හා යාපනය යන විශ්වවිද්‍යාලයන්හි වෛද්‍යවරුන් සඳහා පශ්චාත් උපාධි අධ්‍යයන වැඩසටහන් හඳුන්වාදීම සඳහා රුපියල් මිලියන 60ක් වෙන් කිරීමට යෝජනා වී ඇත. ඒ සඳහා වන නීතිමය විධිවිධාන හා ක්‍රියාපටිපාටි සකස් කිරීමට එම විශ්වවිද්‍යාල කටයුතු කළ යුතුය. මීට අමතරව, වෛද්‍යවරුන්ට පශ්චාත් උපාධිය දේශීය වශයෙන් හැදෑරීමට හැකිවන පරිදි ඒ සඳහා වූ ජාතික ප්‍රතිපත්තියක් සකස් කිරීමට ද යෝජනා වී ඇත.
|
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යංශය
|
විවෘතභාවය ඇගයීම
ආවෘත
|
ප්‍රගතිය මැනීම
හෙළිකර නැත
|