අයවැය පොරොන්දු:මැති සබයෙන් ඔබ්බට

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍ර‍මවේදය සහ සවිස්තරාත්මක විස්තර

යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍ර‍මවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න

භාගත

විවෘතභාවය ඇගයීම

රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙය ද?
  •  විවෘත
  •  සාධනීය
  •  උදාසීන
  •  සීමිත
  •  ආවෘත

ප්‍ර‍ගතිය මැනීම

රජය ක්‍රියාවට නංවන්නේ පවසන දෙය ද?
  •  හෙළිකර නැත
  •  අතහැර දමා ඇත
  •  නොසලකා හැර ඇත
  •  මන්දදගාමී ප්‍රගතියක් ඇත
  •  සතුටුදායක ප්‍රගතියක් ඇත

යෝජනා ලැයිස්තුව

වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
ප්‍ර‍ගතිය මැනීම
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
6,000
අයවැය පොරොන්දු
නීති අංශයේ යටිතල පහසුකම් සංවර්ධනය - ඉහළ අධිකරණ සහ මහේස්ත‍්‍රාත් අධිකරණද ඇතුළත්ව රටේ සමස්ථ නීති පද්ධතිය තුළ විනිසුරුවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජික සංඛ්‍යාව ඉහළ නැංවීම මෙන්ම ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් ව්‍යාප්ත කිරීම ඉලක්ක කර ගත් තුන් වාර්ෂික ව්‍යාපෘතියක්.
වගකිවයුතු ආයතනය
අධිකරණ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5,000
අයවැය පොරොන්දු
ග්‍රාමීය රෝහල් සංවර්ධනය - ග‍්‍රාමීය රෝහල්, බෙහෙත් ශාලා සහ මාතෘ සායනවල තත්ත්වය වැඩිදියුණු කිරීම.
වගකිවයුතු ආයතනය
සෞඛ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
නොසලකා හැර ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
අයවැය පොරොන්දු
ග්‍රාමීය ක්‍රීඩා සංවර්ධනය - ග‍්‍රාමීය පාසල්වල ක‍්‍රීඩා පිටි හා ග‍්‍රාමීය ක‍්‍රීඩා සමාජ සංවර්ධනය, ක‍්‍රීඩා කටයුතුවල නිරත වීමට පාසල් සිසුන් දිරිමත් කිරීම, ප‍්‍රාදේශීය ක‍්‍රීඩා කටයුතු වැඩිදියුණු කිරීම, වොලිබෝල් ක‍්‍රීඩාව ප‍්‍රවර්ධනය කිරීම සහ ක‍්‍රීඩා කටයුතු සඳහා කාන්තා සහභාගීත්වය දිගරිැන්වීම උදෙසා සංවර්ධන ක‍්‍රියාදාම දියත් කිරීම වෙනුවෙන් රු. මිලියන 3,000ක අමතර මුදලක් වෙන් කිරීමට යෝජනා කරමි (ග‍්‍රාමීය සහාය අංශයෙහි දක්වා ඇත).
වගකිවයුතු ආයතනය
ග්‍රාමිය හා පාසල් ක්‍රීඩා යටිතල පහසුකම් ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
අයවැය පොරොන්දු
ග්‍රාමීය පාසල් සංවර්ධනය - ග‍්‍රාමීය පාසල් වෙත ප‍්‍රමාණවත් පරිදි ගුරුවරුන් සහ මූලික පහසුකම් ලබා දීම.
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සංවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
අයවැය පොරොන්දු
අපද්‍රව්‍ය කළමනාකරණය - ගම්මාන සීමාවල ඇති කසළ අපද්‍රව්‍ය ඒවාට ආසන්න වන බිම් වෙත මුදා හැරීම නිසා වන සතුන් ගම්මාන වෙත ආකර්ෂණය වීම වැළැක්වීම උදෙසා ප‍්‍රාදේශීය සභා හරහා අපද්‍රව්‍ය කළමනාකරණ කිරීම සඳහා.
වගකිවයුතු ආයතනය
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
නොසලකා හැර ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
අයවැය පොරොන්දු
යටිතල පහසුකම් - ප්‍රාදේශීය සභා - ප‍්‍රමාණවත් ආදායමක් නොමැති ප‍්‍රදේශවල ප‍්‍රාදේශීය සභා බල ප‍්‍රදේශයන්හි මාර්ග නඩත්තු කිරීම, සතිපොල හා පොදු ස්ථානවල පිරිසිදුකම පවත්වා ගැනීම, අපද්‍රව්‍ය බැහැර කිරීම සහ ප‍්‍රජා සනීපාරක්‍ෂක පහසුකම් ලබා දීම සඳහා.
වගකිවයුතු ආයතනය
පළාත් සභා සහ පළාත් පාලන රාජ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
නොසලකා හැර ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,000
අයවැය පොරොන්දු
විශ්වවිද්‍යාල යටිතල පහසුකම් - රැකියා අවස්ථා සඳහා ඉහළ ඉල්ලූමක් සහිත සුවිශේෂ ක්ෂේත්‍ර ඉලක්ක කර ගනිමින් සෑම දිස්ත‍්‍රික්කයකම අනේවාසික නගර විශ්වවිද්‍යාලයක් පිහිටුවීමට යෝජනා කෙරේ. එහි පළමු පියවරක් වශයෙන්, දැනටමත් පවතින වෘත්තීය අධ්‍යාපන ආයතන හෝ කළුතර, අම්පාර, පුත්තලම සහ නුවර එළිය දිස්ත‍්‍රික්කවල පිහිටි රජයට අයත් ගොඩනැගිලි සහ යටිතල පහසුකම් ප‍්‍රති-සංවර්ධනය කිරීමට යෝජනා කෙරේ.
වගකිවයුතු ආයතනය
නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ සහ නවෝත්පාදන රාජ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
අයවැය පොරොන්දු
අලි මිනිස් ගැටුම - අලි-මිනිස් ගැටුම නිසා සිදු වන දේපල හා ජීවිත හානි අවම කිරීමේ දැක්මක් සහිතව අලි වැට සහ බාධක අගල් ඉදිකිරීම, සත්ත්වයන්ගේ ආහාර අවශ්‍යතා ඉටු කරන අතරම වන ජීවීන් දිවි ගෙවන ප‍්‍රදේශවල වැව් ඉදිකිරීම, වන ජීවී වාසස්ථාන ආරක්‍ෂා කිරීම සහ ප‍්‍රජා සුරක්‍ෂිතතා යාන්ත‍්‍රණයන්ට සහභාගී වීමට හැකි පරිදි ප‍්‍රජා සවිබල ගැන්වීම.
වගකිවයුතු ආයතනය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
සංවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,500
අයවැය පොරොන්දු
වන සංරක්ෂණය - වන ආවරණය අක්කර 15,000 කින් ඉහළ නැංවීම. නීති විරෝධී වනහරණ ක‍්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සිදු කරනු ලබන ප‍්‍රවීක්‍ෂණ කටයුතු සවිගැන්වීම. නැවත වනාන්තර වගා කිරීම.
වගකිවයුතු ආයතනය
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
සංවෘත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
අයවැය පොරොන්දු
දුරස්ථ අධ්‍යාපනය - තොරතුරු තාක්‍ෂණ අධ්‍යාපන මධ්‍යස්ථාන සවිගැන්වීමට සමගාමීව ඊ-තක්සලාව අධ්‍යාපන කරළිය යාවත්කාලීන කිරීම සඳහා මුදල් වෙන් කර ඇත. ගුරු හිඟය හේතුවෙන් ග‍්‍රාමීය හා ‘‘ජාතික නොවන පාසල්වල’’ සිසුන් මුහුණ පාන දුෂ්කරතා අවම කිරීම සහ කොවිඞ්-19 වසංගතය හමුවේ පාසල් අධ්‍යාපනය අඛණ්ඩව ලබා දීම සඳහා දුෂ්කර ප‍්‍රදේශවල පාසල් වෙත රූපවාහිනී කට්ටල ලබා දීම තුළින් ‘ගුරු ගෙදර’ අධ්‍යාපන නාලිකාවෙහි සේවය සිසුන් සියලූම දෙනා හට ලබා ගැනීමට හැකි විය යුතුය.
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සංවෘත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
3,000
අයවැය පොරොන්දු
වෘත්තීය අධ්‍යාපනය - වෘත්තීය අධ්‍යාපන ආයතනවල උපදේශකවරුන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් හට ඔවුන්ගේ කාර්යසාධනය මත පදනම්ව දිරි දීමනා ලබා දීමට සහ වෘත්තීය අධ්‍යාපන පද්ධතියෙහි සිසුන් හට රු. 4,000 ක මාසික ශිෂ්‍යාධාරයක් ලබා දීමට මම යෝජනා කරමි. රජය විසින් පවත්වා ගෙන යනු ලබන වෘත්තීය අධ්‍යාපන ආයතන වෙත දැනට වාර්ෂිකව බඳවා ගැනෙන 100,000 ක පමණ සිසුන් සංඛ්‍යාව 200,000 දක්වා වැඩි කිරීමට පියවර ගැනෙනු ඇත.
වගකිවයුතු ආයතනය
අධ්‍යාපන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
නොසලකා හැර ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
අයවැය පොරොන්දු
වැවිලි කර්මාන්ත - 1. උක් ගොවීන් හට ඉහළ ආදායමක් උපයා ගැනීමට හැකි වන බව සහතික කරනු පිණිස කන්තලේ, බදුල්ල සහ මොණරාගල ප‍්‍රදේශවල උක් වගාව ප‍්‍රවර්ධනය කිරීමට සැලසුම් කර ඇත. 2. සීනි නිෂ්පාදන කර්මාන්තශාලා නවීකරණය කිරීමේ හා එතනෝල් හා ඒ හා අනෙකුත් සම්බන්ධිත නිෂ්පාදන ඉහළ නැංවීමේ අරමුණින් ඉස්කාගාර නවීකරණය කිරීමේ අරමුණින් ලංකා සීනි සමාගමේ නිෂ්පාදන ධාරිතාව මෙට්රික් ටොන් 70,000 කින් ඉහළ නැංවීම සඳහාද සැලසුම් සකස් කර තිබේ. 3. අපනයන අවස්ථා වෙත ප‍්‍රවේශය ලබා ගැනීමේ දැක්මකින් යුතුව දේශීය කිතුල් හා රා කර්මාන්ත විවිධාංගීකරණය කිරීමටද සැලසුම් කර ඇත. 4. ලංකා කුරුඳු සඳහා අපනයන, වගා කිරීමේ හා සැකසීමේ කලාප පිහිටුවීමේ අරමුණින් වැවිලි කර්මාන්ත අමාත්‍යාංශය යටතේ ක‍්‍රියාත්මක වන වැඩසටහන් ව්‍යාප්ත කිරීම වෙනුවෙන්ද විධිවිධාන සකසා ඇත. 5. ශ‍්‍රී ලංකා කජු සංස්ථාවට අයත් ඉඩම්වල එම ආසන්න කජු ගොවීන්ගේ සහායද ඇතිව අක්කර 6,500 ක භූමි ප‍්‍රදේශයක කජු වගා කිරීමටත්, එකී කජු වගා කිරීමේ පළමු අදියර තුළදී උඳු, මුං ඇට සහ මිරිස් වැනි භෝග වගා කිරීමටත් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සැලසුම් කර ඇත. 6. මන්නරම හා පුත්තලම යන දිස්ත‍්‍රික්කවල කුඩා ඉඩම් හිමියන් අතරට කජු වගාව ව්‍යාප්ත කිරීම සඳහා අවශ්‍ය ව්‍යාප්ත් සේවාවන් ලබා දීමට ශ‍්‍රී ලංකා කජු සංස්ථාව කටයුතු කරනු ඇත.
වගකිවයුතු ආයතනය
වැවිලි අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,500
අයවැය පොරොන්දු
බින්දු ජල සම්පාදනය - බින්දු ජල සම්පාදන තාක්‍ෂණය ඇතුළු නව තාක්‍ෂණික ක‍්‍රමවේදවල ඵල නෙළා ගනිමින් නිෂ්පාදන ධාරිතා ඉහළ නැංවීම උදෙසා සූර්ය ශක්තියෙන් ක‍්‍රියාත්මක වන ජල පොම්ප ස්ථාපනය කිරීම සඳහා ඉදි කෙරෙන කෘෂිකාර්මික වගා ළිං සහිත කුඩා හා මධ්‍ය පරිමාණ වාණිජ කෘෂි ව්‍යවසායකයන් වෙත රු. 150,000 සිට රු. 10,000 අතර ප‍්‍රාග්ධන ප‍්‍රදාන ලබා දීම.
වගකිවයුතු ආයතනය
වැවිලි අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,500
අයවැය පොරොන්දු
මහජන ආරක්ෂාව - මහජන ආරක්‍ෂාව සහතික කරනු සඳහා පොලිස් සේවය සවිමත් කිරීම වෙත රජය විශේෂ අවධානයක් යොමු කර ඇත. සමාජ ආරක්‍ෂාවට සහාය දැක්වීම උදෙසා සම්පත් වෙන් කෙරෙනු ඇත (මත්ද්‍රව්‍ය ජාවාරම පාලනය කිරීම, රථ වාහන නීති නියාමනය කිරීම, සංචාරක පොලීසිය සවිමත් කිරීම, විශේෂ පුහුණුව ලබා දීම සහ අපරාධ හා සොරකම් වැළැක්වීම සඳහා අවශ්‍ය පහසුකම් ලබා දීම උදෙසා. විශේෂ පොලිස් වාහන ලබා සේවයේ යෙදවීම තුළින් මහජන ආරක්‍ෂාව සහතික කිරීම උදෙසා පොලිස් මුර සංචාර ව්‍යාප්ත කිරීමටද යෝජනා වී ඇත.)
වගකිවයුතු ආයතනය
මහජන ආරක්ෂණ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
ප්‍රගතිශීලි
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
අයවැය පොරොන්දු
ක්‍රීඩා ආර්ථිකය - 2032 ඔලිම්පික් තරගාවලිය වෙනුවෙන් ක‍්‍රීඩා සංකීර්ණයක් පිහිටුවීම, ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ක‍්‍රීඩා ඉසව් සඳහා කාන්තා සහභාගීත්වය ඉහළ නැංවීම සහ 2025 වන විට ඇ.ඩො. මිලියන 1,000 ක වටිනාකමකින් යුතු ක‍්‍රීඩා ආර්ථිකයක් ස්ථාපිත කිරීම ඉලක්ක කර ගනිමින් 2021-2024 කාල සීමාව තුළ සිදු කිරීමට නියමිත මහා පරිමාණ මධ්‍ය කාලීන ආයෝජනවලින් රු. මිලියන 2,000 ක් ආරම්භක ආයෝජනයක් ලෙස වැය කිරීම උදෙසා අමතර මූල්‍ය ප‍්‍රතිපාදන වෙන් කිරීමට මම යෝජනා කරමි. කුරුණෑගල, යාපනය, ටොරිංටන්, බෝගම්බර හා දියගම ක‍්‍රීඩා සංකීර්ණ ආශ‍්‍රිතව කෘතිම ධාවන පථ ඉදි කිරීම සහ තොරතුරු තාක්‍ෂණ හා නවීන තාක්‍ෂණික පහසුකම් සහිත නවීන පන්නයේ ක‍්‍රීඩා නගරයක් සූරියවැව ප‍්‍රදේශයේ පිහිටුවීමද මෙම වැඩසටහනට අන්තර්ගත වෙයි.
වගකිවයුතු ආයතනය
තරුණ සහ ක්‍රීඩා අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
උදාසීන
ප්‍ර‍ගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,000
අයවැය පොරොන්දු
තරුණ කාන්තා ව්‍යවසාය - සමෘද්ධි ප‍්‍රතිලාභී පවුල්වලින් තෝරාගත් කාන්තා ව්‍යවසායිකාවන් 25,000ක් ඉලක්කගත කර ගනිමින් ප‍්‍රමාණවත් ව්‍යාප්තියක් සහිතව ග‍්‍රාම නිලධාරී වසම් සියල්ලෙහිම අලෙවි සැලක් බැගින් පිහිටුවීම. රජයේ අනුග‍්‍රාහකත්වය සහ බැංකු ණය පහසුකම් යටතේ ක‍්‍රියාත්මක වන මෙම අලෙවි සැල් ජාලය ඔස්සේ ප‍්‍රාදේශීය නිෂ්පාදන අලෙවි කිරීම වෙත ප‍්‍රමුඛතාව ලබා දෙනු ඇත. සමෘද්ධි බැංකු හා අනෙකුත් රාජ්‍ය බැංකු හරහා ණය පහසුකම් ලබා දීමටත්, ශ‍්‍රී ලංකා රක්‍ෂණ සංස්ථාව හරහා විශේෂ රක්‍ෂණ යෝජනා ක‍්‍රමයක් ක‍්‍රියාත්මක කිරීමටත් රජය කටයුතු කරනු ඇත.
වගකිවයුතු ආයතනය
තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශය/ සමුපකාර සේවා අලෙවිකරණ සංවර්ධන සහ පාරිභෝගික ආරක්ෂණ රාජ්‍ය අමාත්‍යාංශය, / සමෘද්ධි,ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මුල්‍ය,ස්වයං රැකියා සහ ව්‍යාපාර සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සංවෘත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10,000
අයවැය පොරොන්දු
සමෘධිලාභී පවුල් සවිබල ගැන්වීම - සමෘද්ධි පවුල් 200,000 ක් පමණ වටා ගොඩනැගී ඇති කුටුම්භ ආර්ථිකයන් වැඩිදියුණු කිරීම සහ ඒ අනුව ඔවුන් වාසය කරන ගම්මාන සවිගැන්වීම සඳහා මෙම වැඩසටහනට සහාය පළ කිරීම උදෙසා.
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
අයවැය පොරොන්දු
ඇවිදීමේ මංතීරු සහ පොදු පහසුකම් - නගර සභා බල ප‍්‍රදේශවල පවතින ජෛව විවිධත්වය සමග සහපැවැත්මක් පවතින පරිසර හිතකාමී ස්වරූපයකින් නාගරික ඇවිදින මංතීරු සහ පොදු පහසුකම් ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇත.
වගකිවයුතු ආයතනය
නාගරික සංවර්ධන අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
විවෘත
ප්‍ර‍ගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
125,000
අයවැය පොරොන්දු
සියලූ දෙනා සඳහා ජලය 2021 - මෙම යාන්ත‍්‍රණය යටතේ යටත් පිරිසෙයින් දිවයින පුරා ජල නල කිලෝමීටර 40000ක් වත් එළීම තුළින් දෛනික ජල සැපයුම් පරිමාව ඝන මීටර් 2.1 සිට ඝන මීටර් 4.4 දක්වා ඉහළ නැංවීමටත්, අමතර පවුල් මිලියන 3.5ක් සඳහා පානීය නල ජලය ලබාදීමටත් අපේක්‍ෂා කෙරේ. මෙම ක්‍රියාදාමය දියත් කරමින් ප‍්‍රජා ජල ව්‍යාපෘති 263ක් ක‍්‍රියාත්මක කිරීම, ව්‍යාපාති 171ක් හරහා දැනට පවතින ජල සැපයුම් පරිභෝජනය වැඩිදියුණු කිරීම සහ අභිනව ව්යාපෘති 40ක් ආරම්භ කිරීම උදෙසා 2021 වසර සඳහා රු. බිලියන 125ක් වෙන් කර තිබේ. මෙම මුදල් වෙන් කිරීමට සමගාමීව බැංකු වෙතින් මූල්‍ය පහසුකම් ලබා ගැනීම වෙනුවෙන් මහා භාණ්ඩාගාර ආරක්‍ෂණ ලබා දෙනු ඇත.
වගකිවයුතු ආයතනය
ජල සම්පාදන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
5,000
අයවැය පොරොන්දු
පානීය ජලය - ඉදිරි වසර තුනක කාලයකදී සියලූම දෙනා වෙනුවෙන් සුරක්‍ෂිත පානීය ජලය ලබා දීමේ රජයේ ඉලක්කයට අනුගතව ප‍්‍රජා ජල සැපයුම් සංවර්ධනය කිරීමේ වැඩසටහන්, ජල සංචිත හා ජලාශ වැඩිදියුණු කිරීමට සමගාමීව් 2021 වසරේදී නිවාස 450,000 ක් සඳහා නල ජල සම්බන්ධතා ලබා දීම වෙනුවෙන් රු. මිලියන 50,00ක මුදලක් අමතරව වෙන් කර ඇත.
වගකිවයුතු ආයතනය
ජල සම්පාදන අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10,000
අයවැය පොරොන්දු
මහජන කේන්ද්‍රීය සෞඛ්‍ය සේවා - මහජන කේන්ද්‍රීය සෞඛ්‍ය සේවාවක් පවත්වා ගැනීම සඳහා අවශ්‍ය මානව සම්පත සහිතව මාතෘ හා ළමා රෝග සායන, බෙහෙත් ශාලා හා වැඩිහිටි සේවා මධ්‍යස්ථාන, විද්‍යාගාර සේවා, රෝහල් සහ පර්යේෂණ ආයතන වැඩිදියුණු කොට ව්‍යාප්ත කිරීම සඳහා අමතර මුදලක් වෙන් කිරීමට යෝජනා කෙරිණ.
වගකිවයුතු ආයතනය
සෞඛ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,500
අයවැය පොරොන්දු
ළදරු සහ ගැබිණි මව්වරුන් - බඩ ඉරිඟු, සෝයා සහ මුං ඇට වැනි ධාන්‍ය වර්ග හිඟ වීම හේතුවෙන් අප රටෙහි ළදරුවන් සහ ගර්භණී මාතාවන් සඳහා ලබා දෙන පෝෂණ අතිරේකයක් වන ත‍්‍රිපෝෂ නිෂ්පාදනය බරපතල ලෙස බිඳ වැටීම හේතුවෙන් ළදරුවන් හා ගර්භණි මාතාවන් සඳහා අවශ්‍ය වන ත‍්‍රිපෝෂ ප‍්‍රමාණයෙන් බෙදා හැරීමට හැකි වී ඇත්තේ අඩකටත් අඩු ප‍්‍රමාණයකි. ඉහත කී ධාන්‍යමය අමුද්‍රව්‍ය ගොවීන්ගෙන් මිල දී ගෙන ගබඩා කොට ත‍්‍රිපෝෂ නිෂ්පාදනය සඳහා යොදා ගැනීම උදෙසා මුදල් වෙන් කෙරෙනු ඇත. මහ කන්නයේදී ධාන්‍ය අස්වනු නෙළීමෙන් ආරම්භ කෙරෙනු ඇති මෙම වැඩසටහන යටතේ ළදරවැන් සහ ගර්භණී මාතාවන් සඳහා අඛණ්ඩව ත‍්‍රිපෝෂ බෙදා හැරීම මාර්තු මාසයේ සිට ආරම්භ කිරීමට නියමිතය.
වගකිවයුතු ආයතනය
සෞඛ්‍ය අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සංවෘත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
අයවැය පොරොන්දු
ඛනිජ වැලි හඳුනා ගැනීම ලියාපදිංචි කිරීම - ඛනිජ වැලි, පොස්පේට්, පොහොර සහ මිනිරන් වැනි කර්මාන්තවල නිෂ්පාදනවල ශ‍්‍රී ලාංකික අනන්‍යතාව ලියාපදිංචි කිරීම ඇරඹීම.
වගකිවයුතු ආයතනය
කර්මාන්ත අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සංවෘත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
2,000
අයවැය පොරොන්දු
සාම්ප්‍රදායික ගම්මාන සංවර්ධනය කිරීම - සාම්ප්‍රදායික කර්මාන්තවල නියැලී සිටින ගම්මානවල වැසියන්ට සිය නිෂ්පාදන පුළුල් කර ගැනීමට සහාය වීම සහ විශේෂ භාණ්ඩ වෙනුවෙන් වෙළෙඳපොල ප‍්‍රවේශය ලබා ගැනීමට උපකාර කිරීම සඳහා.
වගකිවයුතු ආයතනය
කර්මාන්ත අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
මන්දදගාමී ප්‍රගතියක් ඇත
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
20,000
අයවැය පොරොන්දු
ජාතික ආරක්ෂාව - මධ්‍ය කාලීන සහ දිගු කාලීන සැලැස්මකට අනුව ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ මූලික අවශ්‍යතා ඉටු කිරීම උදෙසා මුදල් වෙන් කර ඇත. ත‍්‍රිවිධ හමුදා සාමාජිකයන්ගේ වෘත්තීය නිපුණතා ඉහළ නැංවීම සහ නූතන තාක්‍ෂණය වෙත ඔවුනට ඇති ප‍්‍රවේශය ඉහළ නැංවීම මෙම මධ්‍ය කාලීන සැලැස්මට ඇතුළත් වේ.
වගකිවයුතු ආයතනය
ආරක්ෂක අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සංවෘත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
20,000
අයවැය පොරොන්දු
කි.මී. 100,000 මාර්ග වැඩසටහන - සෑම ගමක්ම පාහේ ආවරණය කරමින් කිලෝමීටර් 100,000 වැඩසටහන යටතේ කිලෝමීටර් 50,000 ක දිගින් යුතු ග‍්‍රාමීය මාර්ග ඉදිකිරීම.
වගකිවයුතු ආයතනය
මහාමාර්ග අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
7,000
අයවැය පොරොන්දු
ග්‍රාමිය පාලම් සංවර්ධනය - අතිශයින්ම ග‍්‍රාමීය ගම්මාන 12,000ක් බාහිර පරිසරය හා සම්බන්ධ කිරීමට සහාය දැක්වීමේ අරමුණින් රථ වාහනවලින් කුඩා ගම්මාන වෙත ප‍්‍රවේශ වීමට අවස්ථාව ලබා දීම සඳහා ග‍්‍රාමීය පාලම් 10,000ක් ඉදිකිරීමට සැලසුම් කිරීම.
වගකිවයුතු ආයතනය
මහාමාර්ග අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සංවෘත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
15,000
අයවැය පොරොන්දු
"ගමට සන්නිවේදනය" - 100% ක ෆයිබර් බ්‍රෝඞ්බෑන්ඞ් ආවරණයක් සහතික කිරීමේ අරමුණින් මෙම ව්‍යාපෘතිය දැනටමත් රත්නපුර දිස්ත‍්‍රික්කයෙහි ආරම්භ කර ඇති අතර 2021-2022 කාල සීමාව තුළ විදුලි සංදේශ අරමුදල වෙතින් රු. මිලියන 15,000ක් ආයෝජනය කිරීම තුළින් එම ආවරණය සමස්ථ රට පුරාවටම ව්‍යාප්ත කිරීමට අපේක්‍ෂිතය.
වගකිවයුතු ආයතනය
තාක්ෂණ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
10,000
අයවැය පොරොන්දු
තාක්ෂණික උද්‍යාන (Techno Parks) - ගාල්ල, කුරුණෑගල, අනුරාධපුර, මහනුවර සහ මඩකලපුව දිස්ත‍්‍රික්කවල අංග සම්පූර්ණ තාක්‍ෂණික උද්‍යාන 5ක් ස්ථාපිත කිරීම.
වගකිවයුතු ආයතනය
තාක්ෂණ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සීමිත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
8,000
අයවැය පොරොන්දු
තාක්ෂණික වැඩිදියුණු කිරීම් - ව්‍යවසායික සංවර්ධනය, තාක්‍ෂණික යටිතල පහසුකම් සහ සබැඳි සේවා තාක්‍ෂණික අංශය වෙත දක්වන දායකත්වය ඉහළ නැංවීම සහ ජාතික ආර්ථිකය වෙත එකී අංශ වෙතින් දැනුම හා වෘත්තීය සේවා වෙත ලැබෙන දායකත්වය ඉහළ නැංවීම සඳහා එම අංශ ව්‍යාප්ත කිරීම තුළින් මෙරට ආර්ථිකය තාක්‍ෂණය පාදක ව්‍යවසායික ආර්ථිකයක් බවට පරිවර්තනය කිරීමේ අරමුණ සහිතව මුදල් වෙන් කර ඇත. ජාත්‍යන්තර ඊ-වාණිජ්‍ය හා ඊ-ගෙවීම් පද්ධති, අධිවේගී දත්ත හුවමාරු පද්ධතියක් සහ අදාළ ජංගම සන්නිවේදන ජාල පිහිටුවීම ආයෝජන ප‍්‍රමුඛතා වේ.
වගකිවයුතු ආයතනය
තාක්ෂණ අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සංවෘත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
1,000
අයවැය පොරොන්දු
ජලාශ ප‍්‍රතිසංස්කරණය - 2021 යල කන්නය සඳහා සූදානම් වීමට ගොවීන්ට සහාය වීම සඳහා ජල සංචිත ඉහළ නැංවීමට කෘෂිකාර්මික ප‍්‍රදේශ ආශ‍්‍රිතව කුඩා හා මධ්‍යම පරිමාණ ජලාශ/වැව් ප‍්‍රතිසංස්කරණය කෙරෙනු ඇත.
වගකිවයුතු ආයතනය
වාරිමාර්ග අමාත්‍යාංශය
විවෘතභාවය ඇගයීම
සංවෘත
ප්‍ර‍ගතිය මැනීම
අනාවරණය නොකළ
වෙන් කළ ප්‍රතිපාදන (රු. මි)
අයවැය පොරොන්දු
වගකිවයුතු ආයතනය