අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍ර‍මවේදය සහ සවිස්තරාත්මක විස්තර

යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍ර‍මවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න

භාගත

විවෘතභාවය ඇගයීම

රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙය ද?
  •  විවෘත
  •  සාධනීය
  •  උදාසීන
  •  සීමිත
  •  ආවෘත

ප්‍ර‍ගතිය මැනීම

රජය ක්‍රියාවට නංවන්නේ පවසන දෙය ද?
  •  සම්පූර්ණව ක්‍රියාත්මක කර ඇත
  •  අර්ධ වශයෙන් ක්‍රියාත්මක කර ඇත
  •  ක්‍රියාත්මක කර නැත
  •   හෙළිකර නැත

යෝජනා ලැයිස්තුව

අයවැය පොරොන්දු
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
ප්‍ර‍ගතිය මැනීම
අයවැය පොරොන්දු
ගෝලීය වෙළෙඳපොළවල් ප්‍රවේශය වැඩි දියුණු කිරීම - සියලුම ජාත්‍යන්තර වෙළෙඳ සාකච්ඡා සම්බන්ධයෙන් කටයුතු කරන ජාත්‍යන්තර වෙළෙඳ කාර්‍යාලයක් පිහිටුවීමට යෝජනා වී ඇත. මෙය මුල් අවස්තාවේ දී මුදල් අමාත්‍යංශය යටතේ ස්ථාපිත කර, පසුව විදේශ කටයුතු අමාත්‍යංශය වෙත ඒකාබද්ධ කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය | ජනාධිපති කාර්‍යාලය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
අයවැය පොරොන්දු
බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාව - බදු ව්‍යුහය, ආයතන, ක්‍රමවේදයන් යනාදියෙහි ක්‍රියාකාරීත්වය, සම්බන්ධීකරණය සහ බදු සිදුකළ යුතු වෙනස්කම් පිළිබඳ අධ්‍යයනය කර නිර්දේශ ලබාදීම සහ රාජ්‍ය ආදායම් කළමනාකරණය කිරීම සඳහා මධ්‍යගත ආයතනයක් පිහිටුවීමේ අවශ්‍යතාවය අධ්‍යයනය කිරීම සඳහා බදුකරණය පිළිබඳ ජනාධිපති කොමිෂන් සභාවක් ස්ථාපිත කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය | රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
අයවැය පොරොන්දු
දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීම - පෞද්ගලික දත්තවල නිසි පාලනය තහවුරු කිරීම වෙනුවෙන් ස්වාධීන, ශ්‍රී ලංකා මහ බැංකුව, ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම, ශ්‍රී ලංකා විදුලි විදුලි සංදේශ නියාමන කොමිසම සහ අදාල ආංශික නියාමකයන් සමඟ ඒකාබද්ධව කටයුතු කරන දත්ත ආරක්ෂණ අධිකාරියක් පිහිටුවීමට යෝජනා වී ඇත
වගකිවයුතු ආයතනය
තාක්ෂණ අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
සාධනීය
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණව ක්‍රියාත්මක කර ඇත
අයවැය පොරොන්දු
නව මූල්‍ය වත්කම් කළමනාකරණ සමාගම් පනත - බැංකුවල හා මූල්‍ය ආයතනවල අක්‍රීය වත්කම් වෙන්කර, වත්කම් කළමනාකරණ සමාගමකට පැවරීමට හැකිවන නව මූල්‍ය වත්කම් කළමනාකරණ සමාගම් පනතක් හඳුන්වාදීමට යෝජනා වී ඇත
වගකිවයුතු ආයතනය
ශ්‍රී ලංකා මහ බැංකුව
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
අයවැය පොරොන්දු
අයවැය යෝජනා අධීක්ෂණය කිරීම සඳහා වන කාර්‍ය සාධන බලකාය - සියලුම අයවැය යෝජනාවන් ක්‍රියාත්මක කිරීම වේගවත් කිරීම සඳහා අධීක්ෂණ කටයුතු කිරීමට ජනාධිපති කාර්‍ය සාධන බලකායක් පිහිටුවීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය | රාජ්‍ය මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
අයවැය පොරොන්දු
ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් ස්ථාපනය කිරීම - ක්ෂුද්‍ර මූල්‍ය හා ණය දෙනු ලබන ව්‍යාපාරවල පාරිභෝගිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිර්‍රිම සඳහා ක්ෂුද්‍ර මූල්‍ය හා ණය නියාමන අධිකාරියක් ස්ථාපනය කිරීමට යෝජනා වී අති අතර, නියාමනය කෙරෙන ආයතන, ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්‍යංශය වෙත වාර්තා කිරීමේ අවශ්‍යතාවය ද මෙහි දී ඇති කෙරෙනු ලබයි.
වගකිවයුතු ආයතනය
ශ්‍රී ලංකා මහ බැංකුව
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
හෙළිකර නැත
අයවැය පොරොන්දු
නව කම්කරු ප්‍රතිපත්ති - ආර්ථිකයට සහ සේව්‍ය සේවක දෙපාර්ශවයටම ප්‍රතිලාභ සලසෙන පරිදි නව, යාවත්කාලීන කළ සහ තනි කම්කරු නීතියක් බලාත්මක කිරීමට යෝජනා වී ඇත.
වගකිවයුතු ආයතනය
කම්කරු හා විදේශ රැකියා අමාත්‍යංශය
විවෘතභාවය ඇගයීම
ආවෘත
ප්‍ර‍ගතිය මැනීම
ක්‍රියාත්මක කර නැත