අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට

අයවැය පොරොන්දු: මැති සබයෙන් ඔබ්බට යනු වාර්ෂිකව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන අයවැය කතාවෙහි සඳහන් පොරොන්දු ඉටුකිරීමෙහිලා රජයේ කාර්ය සාධනය වාර්තා කරන publicfinance.lk යටතේ ඇති ඩෑෂ්බෝර්ඩයක් වේ
ඇගයීම් ක්‍ර‍මවේදය සහ සවිස්තරාත්මක විස්තර

යෝජනා සඳහා වූ ඇගයීම් ක්‍ර‍මවේදය, ප්‍රගතිය සහ විවෘතභාවය පිළිබඳ විස්තර ලබාගැනීමට මෙතැන ක්ලික් කරන්න. මූලාශ්‍ර ලේඛන ලබා ගැනීම සඳහා කරුණාකර pfp@veriteresearch.org වෙත e-mail කරන්න

විවෘතභාවය ඇගයීම

රජය පවසන්නේ ක්‍රියාවට නංවන දෙය ද?
  •  විවෘත
  •  සාධනීය
  •  සීමිත
  •  උදාසීන
  •  ආවෘත

ප්‍ර‍ගතිය මැනීම

රජය ක්‍රියාවට නංවන්නේ පවසන දෙය ද?
  •  සම්පූර්ණව ක්‍රියාත්මක කර ඇත
  •  අසම්පූර්ණව ක්‍රියාත්මක කර ඇත
  •  ක්‍රියාත්මක කර නැත
  •  තොරතුරු හෙළිකර නැත

යෝජනා ලැයිස්තුව

අයවැය පොරොන්දු
වගකිවයුතු ආයතනය
විවෘතභාවය ඇගයීම
ප්‍ර‍ගතිය මැනීම
අයවැය පොරොන්දු
ව්‍යාපාර සහ ආරයෝජ්‍න සඳහා දරන මූලික වියදම අඩු කිරීම සඳහා වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බද්ද (PAL) (සංයෝජිත වර්ගීකරණ අංක 84 සහ 85 ) යන්ත්‍ර සහ උපකරණ සඳහා සියයට 2.5 උපරිමයකට යටත්ව අඩු කිරීමට යෝජනා කිරීම කරනු ලැබේ.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණව ක්‍රියාත්මක කර ඇත
අයවැය පොරොන්දු
සංචාරක සංවර්ධන අධිකාරියේ (SLTDA) ලියාපදිංචි හෝටල් සඳහා වන විදේශ ව්‍යවහාර මුදල් ලැබීම මත පනවා ඇති ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) ඉවත් කිරීමට කටයුතු කරනු ඇත.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණව ක්‍රියාත්මක කර ඇත
අයවැය පොරොන්දු
අපනයන ක්ෂේත්‍රයට අදාළ වන සියයට 14 ක සමාගම් ආදායම් බදු ප්‍රතිශතයට යටත් වන අංශයන්ට අදාළ වන ආර්ථික සේවා ගාස්තු (ESC) සියයට 0.5 සිට සියයට 0.25 දක්වා අඩු කෙරේ.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණව ක්‍රියාත්මක කර ඇත
අයවැය පොරොන්දු
ප්‍රධාන ඉදිකිරීම් කොන්ත්‍රාත්කරු සඳහා වන ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) ඉවත් කරනු ලැබේ.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
සම්පූර්ණව ක්‍රියාත්මක කර ඇත
අයවැය පොරොන්දු
මැණික් කැපීම හා ඔප දැමීම සඳහා ආනයනය කෙරෙන යන්ත්‍රෝපකරණ මත පනවා ඇති වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු (PAL), රේගු බදු මෙන්ම ආනයනික නොකැපූ මැණික් ගල් මත පනවා ඇති වරාය සහ ගුවන්තොටුපල සංවර්ධන බදු (PAL) සියයට 7.5 සිට සියයට 2.5 දක්වා අඩු කරනු ලැබේ.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ වශයෙන් ක්‍රියාත්මක කර ඇත
අයවැය පොරොන්දු
ජාත්‍යන්තර දුරකථන ඇමතුම් මත අය කරන විදුලි සංදේශ ගාස්තුව ඉවත් කරනවා.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ වශයෙන් ක්‍රියාත්මක කර ඇත
අයවැය පොරොන්දු
සියළු සංයෝජිත වර්ගීකරණ සංරක්තාංක වලට අදාළ සෙස් බදු පියවරින් පියවර වසර පහක කාලයක් තුළ ඉවත් කිරීම තව දුරටත් සිදු කරනවා.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
අර්ධ වශයෙන් ක්‍රියාත්මක කර ඇත
අයවැය පොරොන්දු
අපගේ ආර්ථිකයට කාන්තාවන්ගේ ක්‍රියාකාරී දායකත්වය ලබා ගැනීමේ අවස්ථාව වැඩි කිරීම සඳහා ඔවුන් හට පහසු වේලා තුළ වැඩ කිරීමටත්, නම්‍යශීලී වැඩකරන වේලා ඇති කිරීමට නිවසේ සිට වැඩ කිරීමටත් හැකි වන පරිදි කම්කරු නීති සංශෝධනය කිරීමට මම මේ සභාවේ සහයෝගය ඉල්ලා සිටිනවා.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
ක්‍රියාත්මක කර නැත
අයවැය පොරොන්දු
තොරතුරු තාක්ෂණික සේවාවන්හි නිරත වුවන් සඳහා සමාගම් විසින් වැටුප් ගෙවීම සඳහා දරනු ලබන අතිරේක පිරිවැයෙන් සියයට 35 අඩු කිරීම සඳහා එම සේවාවන්ට බඳවා ගැනීමේ අවම සුදුසුකම් පහළ දැමීමට කටයුතු කරනු ලබනවා.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
ක්‍රියාත්මක කර නැත
අයවැය පොරොන්දු
එක් වරක් පමණක් භාවිතයට ගන්නා ප්ලාස්ටික් බෑග්, ඇසුරුම්, ප්ලාස්ටික් බෝතල්, කෑම ඔතන කොළ වැනි නිෂ්පාදන වැඩිවීමෙන් පාරිසරික පිරිවැය වැඩි වී ඇත. මෙම අංශ වෙනුවෙන් උචිත ප්ලාස්ටික් භාණ්ඩ (මධ්‍යම පරිසර අධිකාරිය හඳුනා ගන්නා ලද) ආනයනය කරන හා නිෂ්පාදනය කරන ආයතන, කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යංශය යටතේ සැප්තැම්බර් පළමු වන දිනට ප්‍රථම ලියාපදිංචි වීම අනිවාර්යය කරනවා.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
ක්‍රියාත්මක කර නැත
අයවැය පොරොන්දු
මව්වරුන් සඳහා තෙමසක ප්‍රසූත නිවාඩු ලබා දෙනවිට වැටුප් පිරිවැයෙන් සියයට 50ක් සමාගම් බද්දෙන් අතිරේක අඩු කිරීමක් ලබා දෙනවා.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
ක්‍රියාත්මක කර නැත
අයවැය පොරොන්දු
වියලන ලද පොල්, පොල්කටු අඟුරු සහ පොල් මද සැකසීමේ කර්මාන්ත සඳහා දැනට පවත්නා බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලිය පිළිබඳව නැවත සලකා බලමින් එය ලිහිල් කිරීමට කටයුතු කරනවා.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
ක්‍රියාත්මක කර නැත
අයවැය පොරොන්දු
ශ්‍රී ලංකාවේ පෙර පාසල් අධ්‍යාපනය නියාමනය හා පාලනය සඳහා නෛතික රාමුවක් හඳුන්වා දෙනු ලැබේ.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
ක්‍රියාත්මක කර නැත
අයවැය පොරොන්දු
යම් ආකාරයකින් ඉලක්ක උල්ලංඝනය වීමක් සිදු වුවහොත් නිවැරදි කිරීමේ ක්‍රමවේදයත්, ඉවත් වීමේ වගන්ති පැහැදිලිව අර්ථ දැක්වීමද ඇතුළත්වන පරිදිත් රාජ්‍ය මූල්‍ය ඉලක්කයන් සමඟ නීතිමය වශයෙන් බැඳන පරිදිත් 2003 අංක 3 රාජ්‍ය මූල්‍ය කළමනාකරණ (වගකීම) පනත සංශෝධනය කරනු ලබනවා.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
ක්‍රියාත්මක කර නැත
අයවැය පොරොන්දු
WHT ගැලපුම්, පවත්නා ව්‍යාපාර සඳහා දිරි දීමනා සහ පොලී ආදායම් නිදහස් කිරීම් ඇතුළුව දේශීය ආදායම් පනතට අවශ්‍ය සංශෝධන සිදු කරනු ලබනවා.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
ක්‍රියාත්මක කර නැත
අයවැය පොරොන්දු
ළමා සුරැකීරමේ මධ්‍යස්ථාන, පාසල් වේලාවන් පසුව හා නිවාඩු දිනවලදී ළමුන් රැකබලා ගැනීමේ මධ්‍යස්ථාන හා එවැනි පහසුකම් සපයන ආයතන ගොඩනැගීම හා පවත්වාගෙන යාම සඳහා වන මාර්ගෝපදේශ හා රෙගුලාසි නිකුත් කරනු ඇත.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
ක්‍රියාත්මක කර නැත
අයවැය පොරොන්දු
නව රේගු පනත කෙටුම්පත් කිරීම.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
තොරතුරු හෙළිකර නැත
අයවැය පොරොන්දු
වෙළඳ පහසුකම් වැඩි දියුණු කිරීම සඳහා අදාළ වන රෙගු පනතේ ප්‍රධාන සංශෝධන හඳුන්වා දීම.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
තොරතුරු හෙළිකර නැත
අයවැය පොරොන්දු
පිරිවැය ඉහළ ගිය අතරමැදි භාණ්ඩ සඳහා වේගවත් සෙස් බදු අඩු කිරීමේ වැඩසටහනක් හඳුන්වා දෙනු ලැබේ. මෙය ඉදිකිරීම් අංශය, සංචාරක සහ නිෂ්පාදන වැනි අංශ සඳහා අදාළ වේ. මෙය වසර තුනක කාලයක් තුළ බලාත්මක කිරීමට නියමිතය.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
තොරතුරු හෙළිකර නැත
අයවැය පොරොන්දු
ඉහල වටිනාකමක් සහිත ආයෝජන සඳහා දිරි ගැන්වීමේ වැඩසටහනක් යෝජනා කරනවා. මෙයට ආයෝජන වටිනාකමකින් සියයට 150 ක් තරම් සැලකිය යුතු ප්‍රාග්ධන දීමනාවක් සහ ආයෝජනය කරනු ලබන අවස්ථාවේ දෙනු ලබන ඇ. ඩොලර් මිලියන 50, 100, හා 1,000 ට වැඩි ආයෝජන සඳහා වූ බදු සහන ද ඇතුලත් වේ. සීමිත වගකීම් හවුල්කාරිත්ව ව්‍යුහයන් සඳහා නීති සම්පාදනය කිරීම.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
තොරතුරු හෙළිකර නැත
අයවැය පොරොන්දු
ගෝ කාට් සහ ගෝ කාට් භාවිතා වන ටයර් මත පනවා ඇති රේගු ආනයන තීරපදු (සීඅයිඩී) සහ සෙස් බදු ඉවත් කරනු ලැබේ.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
තොරතුරු හෙළිකර නැත
අයවැය පොරොන්දු
සීමිත වගකීම් හවුල්කාරිත්ව ව්‍යූහයන් සඳහා නීති සම්පාදනය කිරීම.
වගකිවයුතු ආයතනය
ප්‍ර‍ගතිය මැනීම
තොරතුරු හෙළිකර නැත